Saturday, April 18, 2026
Homeදේශීයකටුනායකින් හමුවූ විෂ කරල් තොගයේ තරම (PHOTO)

කටුනායකින් හමුවූ විෂ කරල් තොගයේ තරම (PHOTO)

කටුනායක ගුවන් තොටුපොලේ දී හමුවූ මත් කරල් තොගය ගැන තවත් තොරතුරු ඡායාරූප සහිතව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මත් කරල් 60460 කින් යුත් මෙම මත් කරල් තොගයේ බර කිලෝ 34 ක් වන බවයි පොලීසිය පැවසුවේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විකල්ප අධිමාත්‍රාවක් ලෙස මෙම මත් කරල් භාවිත කරන බව සඳහන්.

ඉන්දියාවේ සිට මෙරට ගෙන්වන ලද මත් කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් ඊයේ (18) කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගණු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු රැදවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.

READ:   මුහුදු ආශ්‍රිත ජනතාවට අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්