දේශීය

අපි ලංකාවෙන් රිලවු ඉල්ලුවේ නැහැ – චීනයෙන් කනේ පහරක් (VIDEO)

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බව එම ට්විටර් සටහනේ දැක්වෙනවා.

එවැනි ඉල්ලීමක් පිළිබඳව තම ආයතනය කිසිදු ආකාරයකින් දැනුවත් නොමැති බව චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනය දැනුම් දී ඇතැයි, තානාපති කාර්යාලය සඳහන් කරනවා.

චීනයේ වන සතුන් හා ශාක ආනයන අපනයන කටයුතු අධීක්ෂණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තුමේන්තුව වන්නේ, චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනයයි.

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවයක් ලෙස චීනය මේ වන විට සංශෝධන කිහිපයක් ද සමගින් වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කළ රටක් බව ද තානාපති කාර්යාලය එම ට්විටර් සටහන මගින් අවධාරණය කරයි.

චීන රජය සෑම විටම වන ජීවී ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රියව ඉටු කරන බව ද එම ට්විටර් සටහනේ දැක්වෙයි.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

12 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago