ඊයේ (18) දහවල් හෙට්ටිපොල මූණමල්දෙණිය, කටුපොත මාර්ගයේ දී පාසල් සිසුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වන වලව්වත්ත, අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචි මොරගනේ මහ විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
පාසල නිමවී ලංගම බස් රථයකින් පැමිණි සිසුවා බස් රථයෙන් බැස බස් රථයට පිටුපසින් පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ ඩීමෝ බට්ටා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
අනතුර සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…