හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.
ඒ අනුව ඔහු හෙට (19) පෙරවරු 9.00ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතුයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
2021 මැයි 17 වැනිදා කළ ප්‍රකාශයකදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සඳහන් කර තිබෙන්නේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවය හෙවත් S.I.S ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි, ඔහු එහිදී පවසා තිබෙනවා.
මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…