Monday, July 20, 2026
HomeදේශීයBREAKING NEWS - පාස්කු ප්‍රහාරය: හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන...

BREAKING NEWS – පාස්කු ප්‍රහාරය: හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි..

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔහු හෙට (19) පෙරවරු 9.00ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතුයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

2021 මැයි 17 වැනිදා කළ ප්‍රකාශයකදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සඳහන් කර තිබෙන්නේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවය හෙවත් S.I.S ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි, ඔහු එහිදී පවසා තිබෙනවා.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නා.

READ:   BREAKING NEWS: ආසියානු කුසලානය අස්සේ ගෑස් මිලත් උඩ ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්