දේශීය

අවුරුදු තුනක් තිස්සේ DNA වාර්තාවක් සොයන තිදරු මවක්

“අවුරුදු තුනත් ඉවර වෙන්න ළඟයි. ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව තාමත් නැහැ. යන්න ඕන හැමතැනටම ගියා. කියන්න ඕන හැම කෙනෙකුටම කිව්වා. මෙච්චර කාලයක් මහත්තයාගේ පඩිය නැතිව ජීවත් වෙන්නේ. ඉස්සරහට මේ දරු පැටවු තුන්දෙනා එක්ක කොහොම ජීවත් වෙන්න ද කියල මට හිතාගන්න බෑ.”

සිය දියණියන් තිදෙනාට අහිමි වූ පිය සෙනෙහසේ හිදැස පිරවීමට වෙරදරන නිරූපා රණවීර එසේ තම දුක්ගැනවිල්ල මාධ්‍යයට කියා සිටියේ පොලිසියේ සේවයේ යෙදී සිටියදී වසර 3 කට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටින බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධන යන අයගේ බවට සැක කෙරෙන අස්ථි කොටස්වල ඩීඑන්ඒ වාර්තා මේ වන තෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සොයා බැලීමට පුත්තලමට පැමිණි අවස්ථාවේය. නිරූපා රණවීරගේ ගම රත්නපුර අයගම ප්‍රදේශයේය. ඇය වයස අවුරුදු 4, 8 ,12 දියණියන් තිදෙනකුගේ මවකි. ඇයගේ සැමියා පොලිස් සැරයන් (39288) බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධනය.

සුමිත් අබේවර්ධන කුරුවිට පොලිස්ථානයට අනුයුක්තව සිරිපාගම මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදී 2020 වසරේ ඔක්තෝබර් 29 දින අතුරුදහන් විය.

ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධව කුරුවිට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් දිගින් දිගටම සිදු කළ විමර්ශන කටයුතු සිදු කිරීමේදී 2001 ජූලි මස 29 වෙනි දින ප්‍රදේශවාසියකු විසින් මුන්දලම පොලිසිය සිදුකළට පැමිණිල්ලකට අනුව මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 9 එම්. එම්. වර්ගයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 7 ක්, මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පතක් හා රියදුරු බලපත්‍රයක් තිබී හමුවිය. මෙම සිද්ධිය මාධ්‍ය තුළින් වාර්තාවීමත් සමඟ අතුරුදහන්ව ඇති පොලිස් සැරයන්වරයාගේ බිරිය වන නිරූපා රණවීර හා ඥාතින් පිරිසක් මදුරන්කුලිය සෙම්බැට්ට ඉඩමට පැමිණ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත හා රියැදුරු බලපත්‍රය ඔහුට අයත් බවට හඳුනා ගත්තාය. ඉන් අනතුරුව අස්ථි කොටස් හා පිස්තෝලය රස පරීක්ෂක වෙත යොමු කර ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සඳහා ඉදිරි ඉදිරිපත් කරන ලදී.

රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු හමුවූ පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එකක් බව තහවුරු කරමින් වාර්තා එවා ඇති බවත් අස්ථි කොටස්වල වාර්තා තවමත් නොලැබුණ බව මුන්දලම පොලිසිය සඳහන් කරයි.

ඩීඑන්ඒ වාර්තාව නිකුත් නොකිරීම හේතුවෙන් වසර දෙකහමාරක කාලයක් තම සැමියාගේ වැටුප ද අහිමිවීම නිසා මහත් අසීරුතාවකින් දියණියන් තිදෙනා සමඟ ජීවත්වන අතුරුදහන් වූ පොලිස් නිලධාරියාගේ බිරිය නිරූපා රණවීර මෙසේ කීවාය.

“මගේ මහත්තයාට සියදිවි හානිකර ගන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. එයා හොඳට රාජකාරි කරපු කෙනෙක්. මටයි, දරුවන්ටයි පුදුම ආදරයක් තිබුණේ. නි‍ෙවසේ කොටසක් පවා ඉදිකර තිබුණේ. එහෙම කෙනකුට මොකටද ජීවිතය එපා වෙන්නේ. මොකද ගෙදර ප්‍රශ්න නැති කෙනා ජීවිතය නසාගන්න යන්නේ නැහැ.

මෙය ඝාතනයක්. මේ අස්ථි කොටස් මහත්තයාගේ බවට මට විශ්වාසයි. ඇයි මහත්තයෝ මේ වාර්තා දෙන්න අවුරුදු ගණන් යන්නේ. අපි පුංචි මිනිස්සු හින්ද ද? පොලිසියේ අවුරුදු 20ක් රාජකාරිය කරපු මගෙ මහත්තයගෙ ඩීඑන්ඒ වාර්තා ඇයි තවත් එවන්නෙ නැත්තෙ. මම ඉල්ලා සිටින්නේ ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලා.”

මිහිර විජේසේකර – මාරවිල සමූහ

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

1 day ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

1 day ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

2 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

2 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

2 days ago

වසර 90ක් සපිරූ සිලෝන් මුවර් කාන්තා සංගමයට අගමැතිගෙන් උපහාර – මුස්ලිම් කාන්තාවන්ගේ උරුමය ජාතික ඉතිහාසයට එක් කළ යුතු බව අවධාරණය

කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…

2 days ago