දේශීය

දිමුත්ගෙන් සහ කුසල්ගෙන් වාර්තාගත සබඳතාවක් සමග ශතක දෙකක්..

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඊයේ දිනයට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 386ක්.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළේ 4 පහර 15ක් ද සමගින්.

ඔහුට විශිෂ්ට සහයෝගයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිටියේ සිය 8 වැනි ශතකය වාර්තා කළා.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවා.

එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කළා.

ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago