Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 214 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 214 ක ඉලක්කයක්

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරහිව සිම්බාබ්වේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 111කදී ලකුණු 93 ක් රැස් කළා.

දිමුත් කරුණාරත්න ලකුණු 33ක් (51) ක් මහේෂ් තීක්ෂණ ලකුණු 28 ක් (47) වශයෙන් රැස් කළා.

නෙදර්ලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Logan Van Beek සහ Bas De Leede කඩුලු 03 බැගින් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හබා යෑම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්