Friday, April 17, 2026
Homeක්‍රීඩාදිමුත්ගෙන් සහ කුසල්ගෙන් වාර්තාගත සබඳතාවක් සමග ශතක දෙකක්..

දිමුත්ගෙන් සහ කුසල්ගෙන් වාර්තාගත සබඳතාවක් සමග ශතක දෙකක්..

ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඊයේ දිනයට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 386ක්.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළේ 4 පහර 15ක් ද සමගින්.

ඔහුට විශිෂ්ට සහයෝගයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිටියේ සිය 8 වැනි ශතකය වාර්තා කළා.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවා.

එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කළා.

ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ.

READ:   පාප්වහන්සේ සුවෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්