දේශීය

ශ්‍රී ලංකාවට වැඩ පෙන්නපු නවසීලන්තය පකිස්ථානය ඉදිරියේ දණ ගසයි..

සංචාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පකිස්ථාන කණ්ඩායම ලකුණු 88 කින් ඊයේ(14) ජය ගත්තා.

තරගය ලාහෝර්හී දී පැවැත්වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182 ක්.

ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 94 ක් පමණයි.

දෙරට අතර පන්දුවාර 20යි 20 තරග 5ක් පැවැත්වෙනවා.

මේ වනවිට තරග 1-0ක් ලෙස පකිස්ථානය ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගාවලියට පෙර නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

19 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago