Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට වැඩ පෙන්නපු නවසීලන්තය පකිස්ථානය ඉදිරියේ දණ ගසයි..

ශ්‍රී ලංකාවට වැඩ පෙන්නපු නවසීලන්තය පකිස්ථානය ඉදිරියේ දණ ගසයි..

සංචාරක නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පකිස්ථාන කණ්ඩායම ලකුණු 88 කින් ඊයේ(14) ජය ගත්තා.

තරගය ලාහෝර්හී දී පැවැත්වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182 ක්.

ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 94 ක් පමණයි.

දෙරට අතර පන්දුවාර 20යි 20 තරග 5ක් පැවැත්වෙනවා.

මේ වනවිට තරග 1-0ක් ලෙස පකිස්ථානය ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගාවලියට පෙර නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තා.

READ:   මෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්