පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා
ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වන ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සඳුදා පුර්වභාග 6.28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
:සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…