දේශීය

නිරුවත් කාන්තාවක් මෙන් හැසිරුණු පුද්ගලයෙක්, ඉහළ නිලධාරියෙකු රවටා කප්පම් ගනී

තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප යොදාගනිමින් මුහුණු පොත හරහා පෞද්ගලික ආයතනයක ඉහළ නිලධාරියෙකු රවටා ඔහුගෙන් කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයින් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

රූමත් තරුණියක බව ඒතතුගන්වමින් අඩනිරිවත් ඡායාරූප නිලධාරියාට යවා ඇති සැකකරු විසින් අදාළ නිලධාරියාගේ අඩනිරුවත් ඡායාරූප ද ඔහු වෙත ගෙන්වා ගෙන තිබේ.

පසුව තමන් මුණගැසීමට පැමිණෙන ලෙස නිලධාරියාට සැකකරු පවසා ඇති අතර එහිදී ඔහුගේ අඩනිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බව පවසා නිලධාරියාගෙන් රුපියල් 50,000ක කප්පම් මුදලක් සැකකරු විසින් ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.

නැවතවරක් රුපියල් ලක්ෂ 20ක මුදලක් සැකකරු විසින් ඉල්ලීමෙන් අනතුරුව අදාළ නිලධාරියා ඒ බව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බවට නිලධාරියා ලවා සැකකරුට ඇමතුමක් ලබා දී මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago