Friday, April 24, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත සඳහා ඉන්දියාව සැමවිටම කටයුතු කරනවා- ඉන්දීය විදේශ කටයුතු...

ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත සඳහා ඉන්දියාව සැමවිටම කටයුතු කරනවා- ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාව සිය කැපවීම අවධාරණය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්චි මහතා ( Arindam Bagchi ) විසින් ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු දෙමින් පැවසීය.

ඒ මහතා මෙසේද පවසන ලදී,

“ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව, එහි ඓතිහාසික බැඳීම් සමග, ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික උන්නතිය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමට නිරතුරුවම පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

අපගේ පළමු ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව මේ වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට අධික ආධාර ලබා දී ඇත. ඊට අමතරව ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟහරවා ගැනීමට ඉන්දීය ජනතාව සහාය ලබා දී ඇත.

ඒ අතරම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් තුළින් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත සඳහා ඉන්දියාව සැමවිටම කටයුතු කරනු ඇත.”

READ:   ජනපති අනුර කෘෂි නිලධාරීන්ට දෙහි කපයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්