Wednesday, July 29, 2026
Homeදේශීයමහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට...

මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක්වන්න- ජනපති

පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එම පණිවුඩය මෙසේ ය.

”මේ ගෙවී යන්නේ අප මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු කාලයකි.

පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලමි”

READ:   BREAKING NEWS: වැට් බදු පනත දෙවන වර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්