තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප යොදාගනිමින් මුහුණු පොත හරහා පෞද්ගලික ආයතනයක ඉහළ නිලධාරියෙකු රවටා ඔහුගෙන් කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයින් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
රූමත් තරුණියක බව ඒතතුගන්වමින් අඩනිරිවත් ඡායාරූප නිලධාරියාට යවා ඇති සැකකරු විසින් අදාළ නිලධාරියාගේ අඩනිරුවත් ඡායාරූප ද ඔහු වෙත ගෙන්වා ගෙන තිබේ.
පසුව තමන් මුණගැසීමට පැමිණෙන ලෙස නිලධාරියාට සැකකරු පවසා ඇති අතර එහිදී ඔහුගේ අඩනිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බව පවසා නිලධාරියාගෙන් රුපියල් 50,000ක කප්පම් මුදලක් සැකකරු විසින් ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.
නැවතවරක් රුපියල් ලක්ෂ 20ක මුදලක් සැකකරු විසින් ඉල්ලීමෙන් අනතුරුව අදාළ නිලධාරියා ඒ බව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බවට නිලධාරියා ලවා සැකකරුට ඇමතුමක් ලබා දී මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


