Tuesday, June 9, 2026
Homeදේශීයරුපියල් මිලියන 44 ක, කේරළ ගංජා උතුරු මුහුදේ පාවෙයි

රුපියල් මිලියන 44 ක, කේරළ ගංජා උතුරු මුහුදේ පාවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත වෙරළ ආරක්‍ෂක මුර යාත්‍රාවක් යොදවා යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උර හතරක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, එම උර හතර තුළ පාර්සල් 58 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 134 ග්‍රෑම් 300ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 44කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

READ:   ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6ක ඖෂධ
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්