Sunday, October 18, 2026
Homeදේශීයඅනවසරයෙන් පතල් හෑරූ පුද්ගලයින් දස දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අනවසරයෙන් පතල් හෑරූ පුද්ගලයින් දස දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ජි.එන්. ලිලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව කුරුවිට පොලිස් වසමේ පැරඩයිස්වැව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව ස්වාභාවික පරිසරයට හානි ගෙන දෙමින් පතල් කැණීම් කරමින් සිටි රත්නපුර සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 49 වයසේ පසුවන පුද්ගලයන් දස දෙදෙනෙකු පතල් කැපීම සදහා යොදාගන්නා උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැළියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබේ.

READ:   2022 වසරේ සංචාරකියින් පැමිණීමේ වර්ධනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්