Wednesday, April 22, 2026
HomeදේශීයBus සහ Train ටිකට් එක වෙනුවට QR කේතයක්..

Bus සහ Train ටිකට් එක වෙනුවට QR කේතයක්..

දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ හේතුවෙන් නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය මගීන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අමාත්‍යවරයා පවසනවා.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දිනය අවසානයේ ප්‍රවේශ පත්‍රවල මුදල් ඩිපෝ වෙත ලබා නොදෙන බවත් දුම්රිය තුළද එය සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අනාවරණය කළා.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 214 ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්