දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නල්ලපෙරුමතන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක යන අයගේ සමීපතමයකු වන කෙසෙල්වත්තේ දිනුෂ යන අය සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජවාරම සිදු කල කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.09 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අංක 10/1, සාංචිආරච්චි වත්ත, කොළඔ 12 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 880 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 63,000.00 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි කොළඔ 12, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මැය දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නල්ලපෙරුමතන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක යන අයගේ සමීපතමයකු වන කෙසෙල්වත්තේ දිනුෂ යන අය සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…