කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාර දෙමින් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එම ලිපිය මගින් එම්.කේ. ස්ටාලින් අවධාරණය කරන්නේ, ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් කච්චතිව් ඉන්දියාවට පවරා ගත යුතු බවයි.
පසුගිය 08 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චෙන්නායි නගරයට පැමිණි අවස්ථාවේදී මෙම ලිපිය භාර දී තිබෙනවා.
කච්චතිව් දූපත පිළිබඳව ඉන්දියාවට ඇති ස්‍වෛරී අයිතිය යළි පවරා ගැනීම තුළින් පාරම්පරික ධීවර අයිතිය තමිල්නාඩු ධීවරයන්ට ළඟා කර දිය හැකි බව තමිල්නාඩු මහ ඇමතිවරයා එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.


