ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට මූල්‍ය අරමුදල මගින් ණයට ගත හැකි මුදල් ප්‍රමාණයේ තාවකාලික වැඩිවීමක් ඇතුළුව, අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහාවන සහයෝගය වැඩි කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය වැනි රටවලට නව මූල්‍ය පහසුකම් සපයා තිබෙන බවයි.
සුවිශේෂී දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙතරම් උත්සාහ කරන මෙවැනි රටවලට උපකාර කිරීමට හැකිවීම ගෞරවයක් බව ද ඇය සඳහන් කරයි.
දුෂ්කරතා හමුවේ නොබියම සිටින ලෙසත් ඔබට ඔබේ මිතුරන් සිටිනවා මෙන් ඔබට ඔබේ IMF තියෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වැඩිදුරටත් අවධාරණය කළා.
ඇය මෙම අදහස් පළ කළේ, ලෝක බැංකු 2023 වාර්ෂික රැස්වීම අමතමින්.


