Wednesday, June 3, 2026
Homeදේශීයමුඟුරකින් පහරදී සැමියා 22 හැවිරිදි බිරිඳ ඝාතනය කරයි

මුඟුරකින් පහරදී සැමියා 22 හැවිරිදි බිරිඳ ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා විසින් මුගුරකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ඇති පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පහරදීමෙන් මිය ගොස් ඇත්තේ අරණායක, මිල්ලන්ගොඩ පදිංචි වයස අවුරුදු 22 ක එක් දරු මවකි.

ඝාතනයෙන් අනතුරුව සැකකරු පොලිසිය වෙත භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

READ:   කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා අයවැයෙන් අවධානය - අමාත්‍ය රමේෂ් පතිරණ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්