වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල දේශපාලන අධිකාරියට හිමි සුඛෝපභෝගී වාහන 207ක් මේ වන විට පාවිච්චි කරන්නේ කවුද? කුමන රාජකාරියකට ද යන්න මේ දිනවල නිශ්චිත තොරතුරු නොමැති බව දන්වා මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳ විගණනයක් ඉල්ලීමට සූදානම් වන බව වාර්තා වේ.
තොරතුරු දැනගැනීම පනත යටතේ අදාළ සුඛෝපභෝගී වාහන භාවිත කරන්නේ කවුද සහ ඒ කුමන රාජකාරියකට ද යන්නට අදාළ තොරතුරු මේ අනුව ඉල්ලා සිටීමට එම මන්ත්‍රීවරුන් පිරිස සූදානම් වෙති.
විශේෂයෙන් ම මේ වන විට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට වාහන නොමැති තත්ත්වයක් යටතේ මෙම කාරණය බරපතළ බව සඳහන් වේ.
මේ මොහොතේ රජයට නව වාහන ආනයනය නොකරන අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා නිලධාරීන්ට වාහන නොමැති තත්ත්වයක් තිබියදී පළාත් සභා විසුරුවා ඇති මොහොතේ ඊට අදාළ වාහනවලට සිදුවී ඇත්තේ කුමක් ද යන්න දැඩි කතාබහට ලක්ව තිබේ.
පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයාට වාහන හතරක් ද සභාපතිවරයාට වාහන තුනක් ද, පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනකුට වාහන දෙක බැගින් සහ සභානායකට හා විපක්‍ෂනායකට වාහනය බැගින් ද හිමි වී තිබේ.
ඒ අනුව දේශපාලන අධිකාරියට වාහන 23ක් තිබී ඇති අතර පළාත් සභා නවයට ම හිමි වාහන ප්‍රමාණය 207කි.
උපුටා ගැනීම – මව්බිම පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…