Sunday, June 7, 2026
Homeදේශීයපළාත් සභාවල සැප වාහන 207කට වෙච්ච දෙයක් නෑ

පළාත් සභාවල සැප වාහන 207කට වෙච්ච දෙයක් නෑ

වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල දේශපාලන අධිකාරියට හිමි සුඛෝපභෝගී වාහන 207ක් මේ වන විට පාවිච්චි කරන්නේ කවුද? කුමන රාජකාරියකට ද යන්න මේ දිනවල නිශ්චිත තොරතුරු නොමැති බව දන්වා මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳ විගණනයක් ඉල්ලීමට සූදානම් වන බව වාර්තා වේ.

තොරතුරු දැනගැනීම පනත යටතේ අදාළ සුඛෝපභෝගී වාහන භාවිත කරන්නේ කවුද සහ ඒ කුමන රාජකාරියකට ද යන්නට අදාළ තොරතුරු මේ අනුව ඉල්ලා සිටීමට එම මන්ත්‍රීවරුන් පිරිස සූදානම් වෙති.

විශේෂයෙන් ම මේ වන විට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට වාහන නොමැති තත්ත්වයක් යටතේ මෙම කාරණය බරපතළ බව සඳහන් වේ.

මේ මොහොතේ රජයට නව වාහන ආනයනය නොකරන අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා නිලධාරීන්ට වාහන නොමැති තත්ත්වයක් තිබියදී පළාත් සභා විසුරුවා ඇති මොහොතේ ඊට අදාළ වාහනවලට සිදුවී ඇත්තේ කුමක් ද යන්න දැඩි කතාබහට ලක්ව තිබේ.

පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයාට වාහන හතරක් ද සභාපතිවරයාට වාහන තුනක් ද, පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනකුට වාහන දෙක බැගින් සහ සභානායකට හා විපක්‍ෂනායකට වාහනය බැගින් ද හිමි වී තිබේ.

ඒ අනුව දේශපාලන අධිකාරියට වාහන 23ක් තිබී ඇති අතර පළාත් සභා නවයට ම හිමි වාහන ප්‍රමාණය 207කි.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

READ:   වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබා දිය යුතුයි! නාමල් රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්