දේශීය

රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සමුද්‍ර ආරක්ෂක නාවිකයින්ට අරුම පුදුම යටිමඩි බද්ධක්

තැරැව්කාර  ගාස්තු වසයෙන් එක් අයෙකුගෙන් මසකට ඩොලර් 120ක් අයකරන ගමන් නව බදු යටතෙ තවත් විශාල මුදලක් බදු වශයෙන් අයකරගෙන.
 

ඩොලර සංචිත  හිදී යාමෙන් ජනතාව අධික ආර්ථික පීඩාවක ඉන්න වෙලාවක රටට ඩොලර් ගේන්න කටුක රැකියාවක් කරන සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගෙ වැටුපෙන් රක්නා ආරක්ෂක  ලංකා  සමාගම  කිසිදු  සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ වන විටත් ඔවුන් එම ශ්‍රමිකයන්ගෙන් තැරැව්කාර ගාස්තු සහ සුභසාධක ගාස්තු  වසයෙන් මසකට  අයකරගන්නා ඩොලර්  120ට  අමතරව රජයෙ නව බද්ධට අනුව තවත් රුපියල් 39000  ආසන්න වූ මුදලක්  අයකරගෙන ඇති බවත්, රටේ යලි නැගිටීමට විදේශ  විනිමය උපයන  තමන්ගෙ වැටුපෙන් මෙවැනි මුදලක් බදුලෙස අයකර තමන්ට මෙම රැකියාව එපා කරන ඕනෑම නිලධාරීයෙක් මේ වෙලාවෙ කරන්නෙ දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් සමුද්‍ර  නාවික ආරක්ෂක  සංගමය ඉකුත්දා (05) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ  එම සංගමයේ කැදවුම්කරු  ලේකම්ගේ  අනුර මහතා  වැඩිදුරටත්  මෙසේ කීය.

රටේ හෙට දවස තීරණය වෙන්නෙ රටට ලැබෙන ව්දේශ විනිමය මතනම්, ලෙඩවෙලා රෝහල්වල ඇදන්  මත ඉන්න මිනිස්සු, ජීවත් කරනවාද නැද්ද කියන එක තීරණය වෙන්නෙත් ඒ විදේශ  විනිමය මතනම්. ඇයි එවන් පසබිමක තියන ශ්‍රී ලංකාවට විදේශ  විනිමය ගේන විදේශ  ශ්‍රමිකයන්ට කවුරුත් අයනොකරන බද්ධක් රක්නා ආරක්ෂක  ලංකා සමාගමට අය කරගන්න ඉඩදීල රජය මුණිවත රකිමින් සිටින්නේ ඇයි?
මේ වෙනකොට අපේ රටේ හමුදා වලින් විශ්‍රාම  අරන් ඉන්න විශාල  පිරිසක් ව්දේශ  රටවල මුහුදු ආරක්ෂක  සාමාගම් වලට  එක්වෙලා කටයුතු  කරනවා. එහිදී ඔවුන් කරන්නේ ව්දෙස් නෞකා   වල නැගල ගිහිල්ල එම නෞකා මුහුදු කොල්ල කරුවන්ගෙන් ආරක්ෂා කරන එකයි. මෙය  ලෙහෙසි පහසු කටයුත්තක්  නෙමෙයි ඔවුන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තබල මේ රැකියාව කරලයි  ඔවුන්ගෙ වැටුප  විදේශ  විනිමය වශයෙන්  ලංකාවට ගේන්නේ,
ඉතිං මෙතන තියන කපටිම වැඩේ කියන්නෙ මෙම සමුද්‍ර  ආරක්ෂක  නාවිකයින්ගෙ වැටුප රක්නා  ආරක්ෂක  ලංකා සමාගම ගෙන්වාගෙන ඔවුන් එක් අයෙකුගෙන් මාසිකව ඩොලර් 120ක් ඇයකරගන්නා ගමනුයි කපටි ව්දිහට මේ අලුත් බදු මුදලත් මොවුන්ගෙන් අයකරන්නේ.

මෙම සමුද්‍ර  ආරක්ෂක  නාව්කයින් මහාලොකුවට වැටුපක් ගන්න අය නෙමෙයි ඔවුන්ගෙ වැටුපෙන් මේ විදිහට මේසා මුදලක් අයකරගත්තහම කොහොමද  මේ අය ජීවත්වෙන්නේ?  මේ සමුද්‍ර  ආරක්ෂක  නාවිකයින් ඔවුන්ගෙ ජීවිත කැපකරල රැකියාව කරන්නෙ කපට් උප්පරවැට්ටි  කාරයන්ගෙ පවුල්  නඩත්තු  කරන්නද?
අපි රටේ ජනාධිපති තුමාට ,මුදල් අමාත්‍යාංශයේ  ලෙකම්වරයාට, මහබැංකු  අධිපති  වරයාට. දේශිය  ආදායම්  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක  ජනරාල් වරයාගෙන් අහන්නෙ රට ගොඩනැගීමට අවශ්‍ය  වන්නෙ විදේශ  ව්නිමයනම් ඇයි මේ විදේශ  විනිමය ගේන සමුද්‍ර  ආරක්ෂක  නාවිකයන් අපහසුතාවය පත්කරන එක නවත්වන්න ඔබල මැලිකමක්  දක්වන්නෙ කියලයි.මේ කපටි උප්පරවැට්ටිය ඔවුන්ට දිගටම කරන්න නොදී මේ  පිළිබඳව වහා පරික්ෂණයක් පවත්වන්න කියල අපි කියනවා.

නව බදු සංශාධනයේ 2022 අංක 45 දරණ දේශිය ආදායම් සංශෝධන පනතට අනුව සහ
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයාගේ, අංක   sec/2023/01 දරණ 2022/02/14 දිනැති චක්‍රලේකනයයට අනුව  විදේශ  ශ්‍රමිකයන්ගෙන්  බදු අය කිරීමක් නිස්චිතව සදහන් කර  නැතිව තියෙද්දියි මේ සමාගම  මේ ව්දේශ  වැටුප්  ලබන ශ්‍රමිකයන්ගෙන් බදු අයකරන්නෙ ඇයි? කාගෙ උවමනාවකටද?
 රට ගොඩගන්න අවශ්‍ය  විදේශ  විනිමයනම් විදේශ  විනිමය රටට ගේන අයට කකුල් මාට්ටු දල වට්ටන අය මේ වෙලාවේ කරන්නෙ රටට ද්‍රෝහිකමක් බව අපි බය නැතිව කියනව.

උපුටා ගැනීමකි.

Recent Posts

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

1 hour ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

2 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

2 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

15 hours ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

15 hours ago

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – Cockroach Movement විරෝධතාවලට ජය

ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…

24 hours ago