දේශීය

රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සමුද්‍ර ආරක්ෂක නාවිකයින්ට අරුම පුදුම යටිමඩි බද්ධක්

තැරැව්කාර  ගාස්තු වසයෙන් එක් අයෙකුගෙන් මසකට ඩොලර් 120ක් අයකරන ගමන් නව බදු යටතෙ තවත් විශාල මුදලක් බදු වශයෙන් අයකරගෙන.
 

ඩොලර සංචිත  හිදී යාමෙන් ජනතාව අධික ආර්ථික පීඩාවක ඉන්න වෙලාවක රටට ඩොලර් ගේන්න කටුක රැකියාවක් කරන සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගෙ වැටුපෙන් රක්නා ආරක්ෂක  ලංකා  සමාගම  කිසිදු  සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ වන විටත් ඔවුන් එම ශ්‍රමිකයන්ගෙන් තැරැව්කාර ගාස්තු සහ සුභසාධක ගාස්තු  වසයෙන් මසකට  අයකරගන්නා ඩොලර්  120ට  අමතරව රජයෙ නව බද්ධට අනුව තවත් රුපියල් 39000  ආසන්න වූ මුදලක්  අයකරගෙන ඇති බවත්, රටේ යලි නැගිටීමට විදේශ  විනිමය උපයන  තමන්ගෙ වැටුපෙන් මෙවැනි මුදලක් බදුලෙස අයකර තමන්ට මෙම රැකියාව එපා කරන ඕනෑම නිලධාරීයෙක් මේ වෙලාවෙ කරන්නෙ දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් සමුද්‍ර  නාවික ආරක්ෂක  සංගමය ඉකුත්දා (05) පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ  එම සංගමයේ කැදවුම්කරු  ලේකම්ගේ  අනුර මහතා  වැඩිදුරටත්  මෙසේ කීය.

රටේ හෙට දවස තීරණය වෙන්නෙ රටට ලැබෙන ව්දේශ විනිමය මතනම්, ලෙඩවෙලා රෝහල්වල ඇදන්  මත ඉන්න මිනිස්සු, ජීවත් කරනවාද නැද්ද කියන එක තීරණය වෙන්නෙත් ඒ විදේශ  විනිමය මතනම්. ඇයි එවන් පසබිමක තියන ශ්‍රී ලංකාවට විදේශ  විනිමය ගේන විදේශ  ශ්‍රමිකයන්ට කවුරුත් අයනොකරන බද්ධක් රක්නා ආරක්ෂක  ලංකා සමාගමට අය කරගන්න ඉඩදීල රජය මුණිවත රකිමින් සිටින්නේ ඇයි?
මේ වෙනකොට අපේ රටේ හමුදා වලින් විශ්‍රාම  අරන් ඉන්න විශාල  පිරිසක් ව්දේශ  රටවල මුහුදු ආරක්ෂක  සාමාගම් වලට  එක්වෙලා කටයුතු  කරනවා. එහිදී ඔවුන් කරන්නේ ව්දෙස් නෞකා   වල නැගල ගිහිල්ල එම නෞකා මුහුදු කොල්ල කරුවන්ගෙන් ආරක්ෂා කරන එකයි. මෙය  ලෙහෙසි පහසු කටයුත්තක්  නෙමෙයි ඔවුන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තබල මේ රැකියාව කරලයි  ඔවුන්ගෙ වැටුප  විදේශ  විනිමය වශයෙන්  ලංකාවට ගේන්නේ,
ඉතිං මෙතන තියන කපටිම වැඩේ කියන්නෙ මෙම සමුද්‍ර  ආරක්ෂක  නාවිකයින්ගෙ වැටුප රක්නා  ආරක්ෂක  ලංකා සමාගම ගෙන්වාගෙන ඔවුන් එක් අයෙකුගෙන් මාසිකව ඩොලර් 120ක් ඇයකරගන්නා ගමනුයි කපටි ව්දිහට මේ අලුත් බදු මුදලත් මොවුන්ගෙන් අයකරන්නේ.

මෙම සමුද්‍ර  ආරක්ෂක  නාව්කයින් මහාලොකුවට වැටුපක් ගන්න අය නෙමෙයි ඔවුන්ගෙ වැටුපෙන් මේ විදිහට මේසා මුදලක් අයකරගත්තහම කොහොමද  මේ අය ජීවත්වෙන්නේ?  මේ සමුද්‍ර  ආරක්ෂක  නාවිකයින් ඔවුන්ගෙ ජීවිත කැපකරල රැකියාව කරන්නෙ කපට් උප්පරවැට්ටි  කාරයන්ගෙ පවුල්  නඩත්තු  කරන්නද?
අපි රටේ ජනාධිපති තුමාට ,මුදල් අමාත්‍යාංශයේ  ලෙකම්වරයාට, මහබැංකු  අධිපති  වරයාට. දේශිය  ආදායම්  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක  ජනරාල් වරයාගෙන් අහන්නෙ රට ගොඩනැගීමට අවශ්‍ය  වන්නෙ විදේශ  ව්නිමයනම් ඇයි මේ විදේශ  විනිමය ගේන සමුද්‍ර  ආරක්ෂක  නාවිකයන් අපහසුතාවය පත්කරන එක නවත්වන්න ඔබල මැලිකමක්  දක්වන්නෙ කියලයි.මේ කපටි උප්පරවැට්ටිය ඔවුන්ට දිගටම කරන්න නොදී මේ  පිළිබඳව වහා පරික්ෂණයක් පවත්වන්න කියල අපි කියනවා.

නව බදු සංශාධනයේ 2022 අංක 45 දරණ දේශිය ආදායම් සංශෝධන පනතට අනුව සහ
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයාගේ, අංක   sec/2023/01 දරණ 2022/02/14 දිනැති චක්‍රලේකනයයට අනුව  විදේශ  ශ්‍රමිකයන්ගෙන්  බදු අය කිරීමක් නිස්චිතව සදහන් කර  නැතිව තියෙද්දියි මේ සමාගම  මේ ව්දේශ  වැටුප්  ලබන ශ්‍රමිකයන්ගෙන් බදු අයකරන්නෙ ඇයි? කාගෙ උවමනාවකටද?
 රට ගොඩගන්න අවශ්‍ය  විදේශ  විනිමයනම් විදේශ  විනිමය රටට ගේන අයට කකුල් මාට්ටු දල වට්ටන අය මේ වෙලාවේ කරන්නෙ රටට ද්‍රෝහිකමක් බව අපි බය නැතිව කියනව.

උපුටා ගැනීමකි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago