සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
දකුණු කොරියානු තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහද සාකච්ඡාවකට ද එක්විය.
ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය කෘතඥතාව පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය. මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.
ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-04-07
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…