දේශීය

ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල සවිකිරීම ඉක්මන් කරයි

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ දිනයේ අමාත්‍යංශ නිල්ධරින් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිළධාරීන් සමග පවත්වනු ලැබුණි.

මේ වන විට හඳුනාගත් රජයේ ගොඩනැගලි යටතේ ජාතික පාසල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරැ විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගලි වලින් 90% මැනුම් කටයුතු අවසන් කර ඇති අතර සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15වන විට අවසන් වේ.

මෙම ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මගින් සිදු කරන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය සිදු කරයි. රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුලත්ව තිබුනත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මගින් සිදු කරන අතර එමගින් එම ගොඩනැගලි ඇතුලත් වේ.

:බලශක්ති අමාත්‍යාංශය

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

4 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

4 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago