Sunday, June 28, 2026
Homeක්‍රීඩාමාලිංගගේ IPL වාර්තාව බිඳ වැටේ

මාලිංගගේ IPL වාර්තාව බිඳ වැටේ

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ තුළ පිහිටවා තිබූ වාර්තාවක් පසු කර යෑමට දඟ පන්දු යවන ක්‍රීඩක සමත්ව තිබෙනවා.

ඒ ඔහු අයි.පී. එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර දෙවැනි ස්ථානයට පැමිණීම සමඟයි. මීට පෙර එම ස්ථානයේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග රැදී සිටි අතර ඒ අනුව ලසිත් මාලිංග එම ශ්‍රේණිගතකිරීමේ තෙවැනි
ස්ථානය දක්වා පසු බැස ඇත.

කෙසේ වෙතත් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝයි.

බ්‍රාවෝ අයි.පී.එල් තරග 161 ක්‍රීඩා කර කඩුලු 183 ක් බිඳහෙළා තිබෙනවා. දෙවන ස්ථානයේ පසු වන චහාල් ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 171ක්, ඒ තරග 133ක් තුළයි. කඩුලු 170 ක් ලබා ගෙන තුන්වන ස්ථානයේ පසු වන ලසිත් මාලිංග ඒ සඳහා ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරග 122 ක් පමණයි.

READ:   ශ්‍රී ලංකා ඉන්දියා දෙවන විස්සයි විස්ස සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්