Tuesday, September 8, 2026
Homeදේශීයදුම්රිය අනතුර ගැන පොලිසියෙන් නිවේදනයක්

දුම්රිය අනතුර ගැන පොලිසියෙන් නිවේදනයක්

අද (07) කොළඹ කොටුව සිට ගල්ඔය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය අග්බෝපුර , කිතුල්උතුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්වීමෙන් අනතුරක් සිදු වුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ මැදිරි 04 කින් යුත් දුම්රියෙහි දෙවන මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක්වීමෙන් කාන්තාවන් 09 දෙනෙකු , පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු හා කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය වාර්තා කරනවා.

අනතුරට පත් පිරිස අතර දුම්රියේ දුමිරිය නියාමකවරයා සහ උප නියාමකවරයාද වන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

READ:   මහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්