Thursday, June 4, 2026
Homeදේශීයශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා -...

ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා – දකුණු කොරියාව

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් ඊයෙ (04) පැවසීය.

දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී මේ බව සදහන් කළහ.

මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස පැවසූහ. විශේෂයෙන් මෙම ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුහු අවධාරණය කළහ. රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම මෙරට ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික විය.

මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බව ද නියෝජිත පිරිස මෙහිදී කරුණු දැක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියේ පුහුණු ශ්‍රමිකයන් සදහා මෙරට අංගසම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරී‍ම සදහා අනුග්‍රහයක් ලබා දෙන ලෙසයි. වෘත්තීය නිපුණත්වයට අමතරව මේ හරහා කොරියානු භාෂාව, සංස්කෘතිය යනාදිය පිළිබදව අවබෝධයක්ද ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

ඒ සදහා කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙරට දක්ෂ තරුණයන්ට තවදුරටත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

READ:   න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න සාකච්ඡා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වීරසුමන වීරසිංහ සහ සම්පත් අතුකෝරළ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

:පාර්ලිමේන්තු මධ්‍ය අංශය

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්