දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

මෙතෙක් TSP පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් 10 ට කළින් ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම අප්‍රේල් මස 10 දිනට කළින් TSP පොහොර ලබා නොගත් සියලු ගොවීන් ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. නැතහොත් අප්‍රේල් මස 10 වනදායින් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබීය.

ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇත.

මේ වනවිට ගොවිජන බලප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබේ.

ඊයේ දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644කි.

මේ හැර මෙවර යල කන්නයේ දී අනෙකුත් පොහොර වර්ග හෝ බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙවර යල කන්නයේ අපි TSP පොහොර නොමිලයේ දෙනවා. මඩපොහොර හා යුරියා පොහොර ඇඟට දැනෙන මිලකින් අඩු කරනවා. ඒ විතරක් නොවෙයි. පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා රුපියල් 20,000 සිට 40,000ක් බැගින් ලබා දෙනවා. දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් වශයෙනුත් ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා අද දින ප්‍රකාශ කළේය.

:මාධ්‍ය ඒකකය – කෘෂිකර්ම අමාත්‍යාංශය

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago