දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

මෙතෙක් TSP පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් 10 ට කළින් ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම අප්‍රේල් මස 10 දිනට කළින් TSP පොහොර ලබා නොගත් සියලු ගොවීන් ඒවා ලබා ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. නැතහොත් අප්‍රේල් මස 10 වනදායින් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබීය.

ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇත.

මේ වනවිට ගොවිජන බලප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබේ.

ඊයේ දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644කි.

මේ හැර මෙවර යල කන්නයේ දී අනෙකුත් පොහොර වර්ග හෝ බීජ හා පළිබෝධ නාශක මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02කට රුපියල් 40,000ක් බැගින් නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙවර යල කන්නයේ අපි TSP පොහොර නොමිලයේ දෙනවා. මඩපොහොර හා යුරියා පොහොර ඇඟට දැනෙන මිලකින් අඩු කරනවා. ඒ විතරක් නොවෙයි. පොහොර හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා රුපියල් 20,000 සිට 40,000ක් බැගින් ලබා දෙනවා. දිස්ත්‍රික්ක 06ක ගොවි පවුල් 48,000කට මෙම මුදලට අමතරව රුපියල් 15,000 බැගින් වාරික දෙකකට රුපියල් 30,000ක මුදලක් වශයෙනුත් ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා අද දින ප්‍රකාශ කළේය.

:මාධ්‍ය ඒකකය – කෘෂිකර්ම අමාත්‍යාංශය

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago