රට ගොඩනැගීමේදී IMF කොන්දේසිවලට එකඟව කටයුතු කිරීම තම පක්ෂය අනුමත කරන බවත් සමඟි ජන බලවේගයේ සහ වත්මන් ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අතර කිසිදු වෙනසක් නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
ජනාධිපතිවරයා සිදු කරන සියලුදේට විරුද්ධ විය නොහැකි සේම ඔහු විසින් ගෙන යන සාර්ථක වැඩපිළිවෙළට සියලු දෙනාට එකඟවීමට සිදුව ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.
කළුතර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.
එදා රට තුළ පැවති අර්බුදකාරී තත්වය වෙනුවට අද රටේ විශාල දියුණුවක් සිදුවී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. එය අමතක කළ නොහැකි බව ඒ මහතා පැවසුවා.
ජනාධිපතිවරයා ගෙන යන සාර්ථක වැඩපිළිවෙලට නිසා ඔහු රටේ ජනතාවගේ අගය කිරීමට ලක්ව ඇති බව ඔහු පවසනවා.
සමඟි ජන බලවේගය සහ ජනාධිපතිවරයා අතර කිසිඳු ප්‍රතිපත්තිමය වෙනසක් නොතිබුණු බවත් වැඩකිරීම පිළිබඳ ගැටළු කිහිපයක් පමණක් තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…