පෙට්‍රල් මිල පහළ ගිය ද ත්‍රී රෝද රථ ගාස්තුව කිසිසේත් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය ප්‍රකාශ කරනවා.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 60,00කින් මිල පහළ දමා ඇති නිසා ත්‍රී රෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රු.10කින් අඩුකරන ලෙස ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බව එම සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පවසනවා.
ත්‍රී රෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කල හැක්කේ කිලෝමීටර් 20ක් පමණ යන නිසා පෙට්‍රල් ලීටරයකින් රු.60 ක් අඩුකිරීම නිසා කිලෝමීටර් 1 කින් අඩු කළ හැක්කේ රු.3.00ක වැනි කුඩා ගාස්තුවක් පමණක් බව ඒ මහතා පෙන්වා දෙනවා.
ටයර් මිල,නඩත්තුව,වියදම්.. ගාස්තු ඉහළ යෑමත් පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමත් නිසා ජනතාව ත්‍රී රෝද රථවලින් ගමන් යෑම අඩු වී එම කර්මාන්තය කඩාවැටෙන තත්වයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…