පෙට්‍රල් මිල පහළ ගිය ද ත්‍රී රෝද රථ ගාස්තුව කිසිසේත් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය ප්‍රකාශ කරනවා.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 60,00කින් මිල පහළ දමා ඇති නිසා ත්‍රී රෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රු.10කින් අඩුකරන ලෙස ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බව එම සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පවසනවා.
ත්‍රී රෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කල හැක්කේ කිලෝමීටර් 20ක් පමණ යන නිසා පෙට්‍රල් ලීටරයකින් රු.60 ක් අඩුකිරීම නිසා කිලෝමීටර් 1 කින් අඩු කළ හැක්කේ රු.3.00ක වැනි කුඩා ගාස්තුවක් පමණක් බව ඒ මහතා පෙන්වා දෙනවා.
ටයර් මිල,නඩත්තුව,වියදම්.. ගාස්තු ඉහළ යෑමත් පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමත් නිසා ජනතාව ත්‍රී රෝද රථවලින් ගමන් යෑම අඩු වී එම කර්මාන්තය කඩාවැටෙන තත්වයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…