Friday, September 11, 2026
Homeදේශීයහිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තවමත් නිල නිවසේ රැදී සිටීම ගැන දයාසිරි...

හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තවමත් නිල නිවසේ රැදී සිටීම ගැන දයාසිරි ප්‍රශ්නකරයි (VIDEO)

විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර සහ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් අද (06) පාර්ලිමේන්තුව තුළදී සිදු වුණා.

කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් දයාසිරි හිටපු අමාත්‍යවරයා තවමත් ආණ්ඩුවේ නිල නිවසින් ඉවත්ව ගොස් නැති බවට කළ චෝදනාවට පිළිතුර ඉදිරිපත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද, අමාත්‍ය ධූරය දරන කාලයේ හිමිවූ නිවසේ තවමත් රැදී සිටින බව දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ට හිමි මන්ත්‍රී නිවාසය ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇතත් තවමත් එය නොලැබුණ බවයි.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්