දේශීය

සංචාරකයින් එන සිරීපාදේ, පොලිස් මහත්තුරුන්ගේ කරුණාව? (VIDEO)

මේ කතාව සිරීපාදෙ ඉන්න පොලිසියෙ මහත්වරු ගැන..

සිරීපාදෙ ඉන්න පොලීසියෙ මිනිස්සුන්ට මනුස්සකම සහ මනුස්සයෙක්ට කතා කරන විදිය ගැන පොඩ්ඩක් කියල දෙනව නම් වටිනව පොලීසියෙ ලොකු මහත්වරු..
මේ පොටෝ සහ වීඩියෝ වල ඉන්න අංක 104292 අංකය දරණ පොලිස් නිලධාරිය ප්‍රමුඛ තවත් නිලධාරින් සිරීපාදෙ උඩ මලුවට පිවිසෙන පඩිපෙල අවට 28/03/2023 ඉර සේවය බලන්න හිටපු මිනිස්සුන්ට කතා කරපු විදිය කොහොමද කියල පොඩි ප්‍රමාණයක් වීඩියෝ වල තියනව,එතන හිටපු මිනිස්සු කියයි ඒක කොච්චර කැතයිද කියල..
අනිත් කතාව එතන එයාල කලබල වෙලා හැසිරුන තරම් තදබදයක් තිබුනෙ නෑ මිනිස්සු අතර..
කිලෝමීටර් සිය ගණන් වාහන වලට සල්ලි ගෙවාගෙන කිලෝමීටර් ගාණක් පඩි පෙලවල් 4500කට වැඩි ප්‍රමාණයක් නැගගෙන,නිදිමරාගෙන,හරියට කෑමක් බීමක් නැතුව,සීතලේ සිරිපා කරුණාවට එන මිනිස්සුන්ට උදේ පාන්දරම මේ විදියට කතා කරද්දි ඒ මිනිස්සු ඉවසන් ඉන්නෙ තමන් ආපු ගමනෙ වැදගත්කම ගැන හිතල වෙන්න ඕනෙ,ඒත් ඒ නිලධාරියො හිතනව ඇත්තෙ එහෙමමද කියල නම් දන්නෙ නෑ,මොකද මාර වීරකමක් කරනව වගේ එයාල හැසිරෙන්නෙ..
විශේෂම කාරනාව මේ නිලධාරියො එතන හිටපු සමහර විදේශිකයින්ටත් එතනින් යන්න කියල කියපු එක,”man,you go..” කියල තමයි එක විදේශිකයෙක්ට මේ නිලධාරිය කිව්වෙ,
පිටරටක ඉදන් ඒ වගේ දුරක් ගෙවාගෙන මේ රටට ඇවිල්ල ඒ විදියට යන්න කිව්වම ඒ මිනිස්සුන්ට මොනව හිතෙන්න ඇතිද,ඒ මිනිස්සු මේ ගැන අඩුම google review එකකවත් නොදා ඉදීවි ද? ඒව දැක්කම ඉස්සරහට එන්න ඉන්න විදේශිකයින්ට තමන්ගෙ ගමන වෙන රටකට දා ගන්න නොහිතේවිද?
අදාල බලධාරියො මේවට අදාල පියවර නොගත්තොත් මේව කොහෙන් ඉවර වේවිද කියල කියන්න අමාරුයි..
සිරීපාදෙ යන්න ඉන්න අයත් මේ අය ගැන අවධානෙන් යන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

:උපුටා ගැනීම මුහුණු පොතින්

අදාළ දර්ශන පහතින්,

Recent Posts

ඇසළ පුන් පොහෝ දිනය අදයි..

“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ‍ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…

22 hours ago

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…

1 day ago

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

1 day ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

2 days ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

2 days ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

3 days ago