දේශීය

සේවකයන් වලපල්ලට යවමින් Dialog බලහත්කාරී සේවක කප්පාදුවක?

Dialog Axiata Plc ආයතනයේ සේවකයන් සම්බන්ධයෙන් බරපතල ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

Dialog Axiata ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් group service delivery අංශයේ ස්ථිර සේවකයන් 100 අධික පිරිසකගෙන් බලහත්කාරයෙන් තම සේවය අවසන් කිරීම පිළිබඳව ඉල්ලා අස්විමේ ලිපි ඉල්ලා බල කර ඇතැයි වාර්තා වෙනවා.

එසේ ඉල්ලා අස්විමේ ලිපි ලබාදිමට අකැමති සේවකයන් සඳහා ”VOP” හෙවත් සේවය හැර ගියා සේ සළකා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඉහළ කළමනාකාරීත්වය විසින් දැනුම් දී තිබේ.

මෙසේ සේවකයන්ට ඉල්ලා අස්වීමටත්, අකැමති අය ඉවත් කිරීමටත් ආයතනය කටයුතු කරමින් යන්නේ ස්ථිර සේවකයන් dialog axiata ආයතනයෙන් ඉවත් කර subsidiary සමාගමක් යටතට පත් කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

මේ හේතුවෙන් සේවකයන්ගේ අනාගත රැකියා සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල අවිනිශ්චිත බවක් ඇති ව තිබේ.

1971 අංක 42 දරණ සේවකයන්ගේ රැකියාව අවසන් කිරීම විශේෂ විධිවිධාන පනත උල්ලංඝනය කරම්න් , කිසිදු වන්දි ගෙවිමකින් තොරව මෙම කටයුත්ත සිදු කිරීමට ඩයලොග් ආයතනය කටයුතු කරමින් තිබීම බරපතල ගැටළු ඇතිකරන්නක් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන් ම ආයතනයේ අනෙකුත් අංශ වල වන්දි ගෙවිම් සිදු කළ ද, group service delivery අංශයේ කළමනාකරණාකාරිත්වය මෙසේ වන්දි ගෙවා ඉවත් කිරීමේ ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර තිබේ.

තවත් බරපතල කරුණක් වන්නේ, සේවකයන් බලහත්කාරයෙන් අනුයුක්ත කිරීමට සැරසෙන subsidiary ආයතනයේ නව සේවා ගිවිසුම මගින් සේවකයන්ගේ ස්ථිර භාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකසා නොතිබීමය. මේ වන විටත් dialog axiata ආයතනය නුවර ප්‍රදේශයේ සේවකයන්ගෙන් බලහත්කාරයෙන් ඉල්ලා අස්විමේ ලිපි ලබාගැනීමට කටයුතු කර ඇති බව ද, අප වෙත වාර්තා වී තිබේ.

dialog axiata වැනි ශ්‍රී ලංකාවේ දිගු කාලයක් අධිකතර ලාභ ලබමින් ක්‍රියාත්මක වූ ආයතනයක් මේ ආකාරයෙන් සේවකයන් කප්පාදු කරමින් ඔවුනගේ පටු ව්‍යාපාරික අරමුණු පමණක් ග්‍රහණය කර ගනිමින් සිදු කරගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙලා දැකිය යුත්තක් මෙන් ම කම්කරු බලධාරීන්ගේ ද දැඩි අවධානයට ලක්විය යුත්තක් බව අපි අවධාරණය කරමු.

Copied: News Pedia

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

14 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

14 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago