ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන ලසිත් මාලිංග කතා කරයි (VIDEO)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ නවසීලන්තය අතර පැවති පළමු තරඟය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයවන්නන් අවසන් ඉනිමේ දී කටයුතු කළ ආකාරය හේතු වූ බව ලසිත් මාලිංග පවසනවා.

ඉනිම් දෙක තුළ ලකුණු 300 ක සීමාව ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පසු කළ බවත් අවසන් ඉනිමේ පන්දුවාර 70 ක් තුළ ලකුණු 280ක් නතර කර ගැනීමට පන්දුයවන්නන්ට නොහැකී වීම සහ පන්දුයවන්නන් පිතිකරුවන් හඳුනාගෙන තරඟය පාලනයට කටයුතු නොකරීම නිසා ජයපරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට තිබූ තරඟය ශ්‍රී ලංකාව පරාජය වූ බව ලසිත් මාලිංග පෙන්වා දෙනවා.

තවත් මෙවැනි අවස්ථාවකදී කණ්ඩායමේ පුහුණුකරුවන් සහ කළමාණාකරුවන් තරඟකරුවන් දැනුවත් කිරීම, තරඟය හැසිරවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලසිත් මාලිංග පැවසුවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හිදී පැවති පළමු ටෙස්ට් තරඟය මීට සුළු මොහොතකට පෙර ජයග්‍රාහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 355 ක් සහ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 302 ක් වශයෙන් රැස් කළා.

සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කළ නවසීලන්ත කණ්ඩායමට දෙවනි ඉනිමේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමි වුණා.

අද දිනයේ තරඟය ආරම්භ කිරීමට ප්‍රමාද වීම නිසා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 53කදී කඩුළු 9 ක් අතැතිව ලකුණු 257 ක් රැස් කර ගත යුතුව තිබුණා.

එම විඩියෝව පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

5 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

5 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago