Wednesday, April 15, 2026
Homeදේශීයචමල් රාජපක්ෂ ආචාරධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ සභපති ලෙස පත්වෙයි

චමල් රාජපක්ෂ ආචාරධර්ම හා වරප්‍රසාද කාරක සභාවේ සභපති ලෙස පත්වෙයි

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් පත්වෙයි.
නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් ඊයේ (08) තේරී පත්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා චමල් රාජපක්ෂ මහතාගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා එය ස්ථිර කළේය.
මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත්වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳ ඉදිරියේදී සලකා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් මෙම කමිටුවේ සම්බන්ධීකරණයෙන් වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එසේම ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය විය.
මෙම කාරකසභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන කණක හේරත්, අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ජී. ජී. පොන්නම්බලම්, කෝකිලා ගුණවර්ධන සහ සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

: රජයේ මාධ්‍ය අංශය

READ:   සජබයට කොකා පෙන්නපු ෆවුසිට වෙන්න යන දේ?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්