රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රු. 7 – 8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ වාර්තා විය. අද (3/3) කොළඹ වානිජ්‍ය බැංකු ඩොලරය මිලදී ගන්නේ රු. 334.50 ට ත් අඩුවෙනි.
මේක වුනේ කොහොමද?
පසුගිය කාලයේ දී මහ බැංකුව ඩොලරය පහත වට්ටන්නට රුපියල් අච්චු ගැසීම (actual money printing) අවම කිරීම හා ඩොලරය ශක්තිමත් කිරීමට අවශ්‍ය පදනම ගොඩ නැගීමය. ඒ යාන්ත්‍රණය තේරෙන සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්.
මහ බැංකුව පළමුව (අන්තර් බැංකු ඩොලර් හුවමාරුව) ඩොලරයට විචලනය විය හැකි සීමාව 1% කට (රු. 3.60 සීමාවක) රදවනු ලැබීය. ඉන් පසුව, කෙටි කාලයකින් එය රු. 2.60 සීමාව දක්වා තවත් සීමා කරනු ලැබූවා. එය රුපියල රැක ගැනීම (එනම් රුපියල කිසිම වටිනාකමක් නැති කඩදාසියක්වීම) වලක්වා ගැනීමටයි. මේ උපක්‍රමය සාර්ථක වී රුපියල කඩා වැටීම නැවතී තිබේ.
මාස 6 කට වැඩි ආයසකර මැදිහත්වීමක ප්‍රතිඑලය ලෙස මෙරට වානිජ්‍ය බැංකු පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි වී ඇත. අක්‍රීයව තිබූ විදේශ විනිමය වෙළෙඳ පොල (ස්පොට් මාර්කට්) සක්‍රීය වී ඇත.
අන්තර් බැංකු අතර දිනක් තුල ඩොලරයට විචලනය විය හැකි සීමාව රු.5 දක්වා වැඩි කළා. මාර්තු 2 දිනට එය රු. 7.50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. අද දිනයේ රු. 8 දක්වා ඩොලරය රුපියල් වටිනාකම පහත වැටීමට හේතු වූයේ රජය හා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගය නිසාය.
දැන්, මාර්තු 3 දහවල් 12 වන විට වානිජ්‍ය බැංකු ඩොලර් මිල දී ගන්නේ රු. 334.50 බැගිනි. දැන් ඩොලරයේ මිල තවදුරටත් පහත වැටීමට මිස ඉහළ යාමට ඉඩක් නොමැති තැනකට පත්වී ඇති බව තහවුරුය.
මිල පහත වැටෙන ඩොලර් පසුගිය සඳුදා සිට මහ බැංකුව විසින් මිලදී ගැනීම ඇරඹී ඇත. මහ බැංකුව විසින් තම රුපියල් බැංකු පද්ධතියට එක් කරමින් සිටී. එහි අනිවාර්ය තාර්කික ප්‍රතිඑලය වන්නේ පොලී අනුපාතික පහත වැටීම ඇරඹීම ය.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම ආර්ථිකය ප්‍රකෘත්තිමත්වීම (Economic Recovery) වැදගත් සන්ධිස්ථානයකි. සංචාරයකින් ගේ පැමිණීම, විදේශ ප්‍රේෂණ ඉහළයාම තුලින් ලැබී ඇති බලාපොරොත්තුවේ කූට ප්‍රාප්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ගිවිසුම් අත්සන් කිරීම වන්නේය.
රජිත් කීර්ති තෙන්නකෝන්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…