Thursday, April 23, 2026
Homeදේශීයපාස්කු නඩුවෙන් ජනපති නිදහස් කෙරේ

පාස්කු නඩුවෙන් ජනපති නිදහස් කෙරේ

පාස්කු වින්දිතයන් 108 දෙනෙකු විසින් ගොනුකර තිබූ නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදා හැරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

තම සේවාදායකයා මේ වන විට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට විරුද්ධව නඩුකරයක් පවත්වා ගෙන යා නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනි සිටි නිතීඥවරුන් අධිකරණයට පෙන්වා දී තිබුණා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වා ගෙන යෑමට නොහැකි බැවින් ඔහු එම නඩුවලින් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළා.

කොළඹ දිසා අධිකරණයේ විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය මෙම තීන්දුව නිකුත් කර සිටියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් තමන්ට සිදුවූ හානිය සඳහා වන්දි ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණා.

READ:   රජ රට ඔඩිසි දුම්රිය අද ගමන් අරභයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්