Friday, June 5, 2026
Homeදේශීයඅද සහ හෙට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

අද සහ හෙට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

අද (01) සහ හෙට (02) යන දින දෙක තුළ රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පවසනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මෙරට ඉන්ධන පිරවුම් හල් බහුජාතික සමාගම් වලට පැවරීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සේවකයින් ගෙන යන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නිසා දෛනික ඉන්ධන බෙදාහැරීම අඩාල වී අද සහ හෙට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

එවැනි ඉන්ධන හිඟයක් රට තුළ ඇති වුවහොත් ආණ්ඩුව සහ ඛනිජ තෙල් අමාත්‍යවරයා එම වගකීම භාර ගත යුතු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   කොරෝනා මැද වුවත්, සංචාරකයන් ලක්ෂ එක හමාරකට වඩා ඇවිත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්