දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දුම්රිය සේවය සඳහා අලුතින් සේවකයින් බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එතුමා පැවසුවා.
දුම්රිය දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 10 ක අලාභයක් ලබන බවත් එනිසා දුම්රිය ගාස්තුවේ වෙනසක් නොකර දුම්රිය සේවය තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බවත් එතුමා පැවසුවා.
මඟින් ප්‍රවාහනය සඳහා බස් රථ අයකරන ගාස්තුවෙන් තුනෙන් එකක් පමණක් අඩු දුම්රිය ගාස්තුවක් අය කළොත් හොඳ දුම්රිය සේවයක් පවත්වා ගෙන යා හැකි බව එතුමා පෙන්වා දෙනවා.
දුම්රිය වසර පහකට වරක් මාරු කළ යුතු වුවත් ඒ සඳහා ආණ්ඩුව මුදල් ලබා නොදෙන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


