දේශීය

සේපාල් අමරසිංහ නිදහස්

මහනුවර ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතාගේ නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

එම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර එහිදි සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයා කොන්දේසි විරහිතව මහනායක හිමි වරුන්ගෙන් සහ බෞද්ධ ජනතාවගෙන් සමාව අයැඳ සිටින බව දන්වා සිටියා.

කොන්දේසි විරහිතව සමාව අයැඳ සිටින්නේ නම් නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සේපාල් අමරසිංහ නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago