මහනුවර ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතාගේ නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
එම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර එහිදි සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයා කොන්දේසි විරහිතව මහනායක හිමි වරුන්ගෙන් සහ බෞද්ධ ජනතාවගෙන් සමාව අයැඳ සිටින බව දන්වා සිටියා.
කොන්දේසි විරහිතව සමාව අයැඳ සිටින්නේ නම් නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සේපාල් අමරසිංහ නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…