Friday, June 5, 2026
Homeදේශීයසේපාල් අමරසිංහ නිදහස්

සේපාල් අමරසිංහ නිදහස්

මහනුවර ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ මහතාගේ නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

එම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවා තිබූ අතර එහිදි සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයා කොන්දේසි විරහිතව මහනායක හිමි වරුන්ගෙන් සහ බෞද්ධ ජනතාවගෙන් සමාව අයැඳ සිටින බව දන්වා සිටියා.

කොන්දේසි විරහිතව සමාව අයැඳ සිටින්නේ නම් නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සේපාල් අමරසිංහ නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

READ:   සක්විති රණසිංහට වසර පහකට අතහිටවූ සිරදඬුවම් නියම කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්