Saturday, July 25, 2026
Homeදේශීයනාවික හමුදාවේ විශේෂ රථ 03ක් ජනපතිගේ නිරීක්ෂණයට.. (PHOTO)

නාවික හමුදාවේ විශේෂ රථ 03ක් ජනපතිගේ නිරීක්ෂණයට.. (PHOTO)

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා මෙම රථ ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් මෙම රථ නිෂ්පාදනය කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

file
READ:   පොලිස් කොමිසමේ හැසිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන අපහාසයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්