Monday, September 14, 2026
Homeදේශීයමැතිවරණයට බාධා - කොමිසම අධිකරණයට කියයි

මැතිවරණයට බාධා – කොමිසම අධිකරණයට කියයි

පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට විවිධ බාධා පැමිණ ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුම් දී තිබෙනවා.

නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව මැතිවරණ කොමිසම මින් පවසනවා.

ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් ලබා නොදීම හේතුවෙන් මාර්තු 09 වන දා ට පළාත් පාලන මැතිවරණය පැවැත් වීම දුෂ්කර වී ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා.

READ:   BREAKING NEWS: කුලියාපිටියේදී පාසල් බස් රථයක් අනතුරකට ලක් වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්