Wednesday, April 22, 2026
Homeදේශීයකෘතීම බුද්ධිය පාසලට

කෘතීම බුද්ධිය පාසලට

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවයි.

සුළු සුළු සංශෝධන සහිත ව තවමත් අප පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු බව ද සඳහන් කළේය.

වර්තමානයේ බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බවත් ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ මාධ්‍ය අංශය

READ:   එක රටක් එක නීතියක් වෙනුවෙන් අදහස් ගොඩයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්