Sunday, April 19, 2026
Homeදේශීයඅද හෙට සල්ලි ලැබුණත් ඡන්දයට තව දවස් 20ක් 25ක් යනවා - රජයේ...

අද හෙට සල්ලි ලැබුණත් ඡන්දයට තව දවස් 20ක් 25ක් යනවා – රජයේ මුද්‍රණලයාධිපති

මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් අද හෙට දිනක ලබා දුන්නත් ඡන්දය පැවැත්වීමට තවත් දින 20ක් 25ක් ගතවිය හැකි බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු වෙනුවෙන් මිලියන 400 ක් ඉල්ලා සිටියත් තාමාට මෙතෙක් ලැබී ඇත්තේ මිලියන 40ක් පමණක් බව එතුමිය පවසනවා. එහෙත් තමන් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් මුද්‍රණය කර අවසන් බවත් එතුමිය පැවසුවා.

කඩිනමින් අවශ්‍ය මුදල් ලබා දුනහොත් තවත් දින 20ක් 25ක් ඇතුලත දී සියලු මුද්‍රණ කටයුතු සිදුකර අවසන් කළ හැකි බව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   ඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්