දේශීය

බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න! – සෞඛ්‍ය පරීක්ෂක සංගමය ඉල්ලයි

ඉදිරි දින වල දී ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ජලභීතිකා රෝගය නිසා සිදු වන මරණ සංඛ්‍යාව අඩුකරගැනීමට පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සාර්ථක එන්නත්කරණ වැඩසටහන් හේතු වූවත් එන්නත් වල පවතින හිඟයත් සුනඛන් එන්නත් කිරීමේ වැඩසටහන් අඩාල වීමත් නිසා මේ වන විට ජලභීතිකා රෝග ව්‍යාප්තියේ විශාල අවධානමක් පවතින බව එතුමා පෙන්වා දෙනවා.

වසරකට වරක් සුනඛයන් එන්නත් කර යුතුව ඇතත් කොවිඩ් වසන්තය, ඉන්ධන ගැටළු සහ එන්නත් හිඟතාවය නිසා සුනඛයන් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූ බව එතුමා ප්‍රකාශ කළා.

සුනඛ සපාකැමක් නොවන ආකාරයට හැකිතාක් ප්‍රවේශම් වන ලෙසත් සැක සහිත සුනඛ සපා කෑමකදී රෝහල් ගතවී ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජලභීතිකා රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍යකරන එන්නත් කඩිනමින් ගෙන්වා දෙන ලෙස එතුමා බලධාරීන්ට මතක් කර සිටිනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago